2011/01/31

මගේ තනිකම

ගලා යයි සඳ එළිය නිරතුරු
කවුළුවෙහි ඇති හිදැස් අතරින්
කිලිපොලා යන සිසිල
මුසුකොට...
හමයි මදනල ගීතවත් ලෙස
වසන්තයෙ රස හැඟුම් මතුකොට
සිතට වදදෙයි මිහිර සොයමින්
ගෙවී ගිය රසබර අතීතයේ
මතක සටහන් ගෙනෙයි නිබඳව
රෑ කුමරිය මල් පඳුරුවල
දැවටි දැවටී එන සුළං රැළි
අවට ගහ කොළ සුවඳවත්
කොට...
පුබුදු කරවන නමුදු ගත සිත
විරහ ගීයක් මගේ හද තුළ
ජනිත කරවන වේදනාවෙන්
නිතර දිවි ගෙවා ලන්නට
එන්න කරුවල මගේ තනියට

අනුර පේ‍්‍රමකුමාර
1999/07/20

Total Pageviews