බිඳෙන් බිඳෙ මත පොදක්
මගේ හිතට එබෙනවා
ඈත ඈත අතීතයෙක්
යළිත් සිතට නැගෙනවා
තුටින් ඇරඹි ඒ සිතුවිලි
කඳුළු අගින් වැසෙනවා
අහිමිව ගිය නුඹේ සෙනෙහෙට
තවමත් මසිත හඬනවා
දයාබර මෑණියනි
ඉමක් කොනක් නැත
ඔබගේ සෙනෙහස
මහ සයුරටත්
සමකළ නොහැකිය....
මහද ගිනි නිවාලන
එකම රුව ඔබයි මට
රැඳී ඉන්නට ඔබේ අසලම
මා පින් කර ඇත
දයාබර මෑණියනි....