මම ගැන

දයාබර මිතුරනේ
මම මගේ සිතට එන මෙම අදහස් මෙලෙස අකුරු කළේ අද ඊයේ නෙවෙයි. මීට අවුරුදු ගණනක ඉඳන්. මම මේ හැම නිර්මාණයක්ම ටයිප් කරලා පොතක් ආකාරයෙන් ප්‍රින්ට් කරලා තියෙනවා. ඒත් ඒක මුද්‍රණද්වාරයෙන් එළි දක්වන්න තරම් වත්කමක් මට නැහැ. ඒක නිසා මම හිතුව මේ විදිහට මගේ නිර්මාණ සියල්ලම බ්ලොග් එකකට ඇතුළත් කරලා ලංකාවේ මෙන්ම ලොව සිටින මාගේ සෑම මිතුරෙකුට මිතුරියකටම බැලීමේ අවස්ථාව උදා කර දෙන්න. මගේ නිර්මාණ පිළිබඳ ඔයාලා‍ගේ අදහස් මට කියන්න. 

සමහර විට ඔයාලා හිතන්න පුළුවන් මම මේ කාගෙන් හරි කොපි කරලා. හොරකම් කරලා කරන නිර්මාණ කියලා. මම සහතික වෙනවා එහෙම කවදාවත්ම මම කරලා නැහැ කියලා.

ඒ වගේම මෙම බ්ලොග් එකේ තියෙන වැඩි හරියක් ඒවා මගේ අත්දැකීම්. 
ඒත් දැන්......
මේ හුඟාක් නිර්මාණ මම විරහ වේදනාවෙන් සිටින අවස්ථාවන්වල මා අතින් නිර්මාණය වූ ඒවාය.......

කර්තෘ

Total Pageviews