2012/05/13

අහිමි පෙම්වතිය

අසේනිය වැස්සට
මුදු මල් සුවඳ රැගෙන 
සිහින මල් නිම්නයෙන් 
ඉගිල ගෙස් ඔබ...
මුළු හිතම රැගෙන ගොස් 
ඔබ සිත තුළ සිර කරගෙන 
පිරූ පාරමිතා දම්
බිඳී විසිරලා....
සෙනෙහසින් ඔබ දෙඩූ
වදන් එදා...
පවසයි මා වැනි තවකෙකුට අද 
තුති පුදමි ඔබට සෙනෙහසින් 
ආදරයේ අරුත කියා දුන් නිසාවෙන්
එපා අන් හදකට මට මෙන්
දුකක් දෙන්නට....

වෛර නොකරමි මගේ සිතින් 
ඔබ ඉගිල ගියාට....
මගේ ජීවිතය
බැලූ බැලූ අත පෙනෙන මානෙක
අතේ දුරින් ළඟ ඉන්න
මේ දුර ගමනේ මග එළි පෙන්නා
පහන් ටැඹක් මට වෙන්න
උදෑසනින් හිරු පායන විලසට
අරුණලූ අරාගෙන එන්න
ජීවිතයේ මගේ හැමදාමත් ඔබ
ඈතින් හිඳ හිනැහෙන්න















Total Pageviews