2012/06/08

මගේ තනිකම


මගේ තනිකම
------------------------------
ගලා යයි සඳ එළිය නිරතුරු
කවුළුවෙහි ඇති හිදැස් අතරින්
කිලිපොලා යන සිසිල 
මුසකොට..............
හමයි මදනල ගීතවත් ලෙස 
වසන්තයේ රස හැඟුම් මතු කොට
සිතට වද දෙයි මිහිර සොයමින් 

ගෙවී ගිය රසබර අතීතයේ 
මතක සටහන් ගෙනෙයි නිබඳව
රෑ කුමරිය මල් පඳුරුවල
දැවටි දැවටී එන සුළං රැළි
අවට ගහ කොළ සුවදවත් 
කොට..............
පුබුදු කරවන නමුදු ගත සිත
විරහ ගීයක් මගේ හද තුළ 
ජනිත කරවන වේදනාවෙන්
නිතර දිවි ගෙවා ලන්නට
එන්න කරුවල මගේ තනියට
------------------------------
අනුර පේ‍්‍රමකුමාර
------------------------------

Total Pageviews