2011/12/15

අවසන් වරය

මා දැක තුටින් - පෑ මදහසින්
සහසක් වදන් - දුටුවෙමි නෙතින්
ඇය හද තුටින් - ඉපිලෙයි නිතින්
ඒ දැක නෙතින් - සැනසෙමි හිතින්
නුඹ දෙනයනින් - පැවසූ වදන්
පත්තිරු තුළින් - බොඳවෙයි නිතින්
සතුටින් සෙමෙන් - මාගේ ලොවෙන්
ඇය කී වදන් - සමුගෙන ගොසින්
හිමි නැති හෙයින් - අපගේ පෙමින්
සමුගමි ඔබෙන් - අවසර ඉතින්

Total Pageviews